රත්නපුර ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සිරිපා පහසින් පහස ලද රත්නපුර ප්‍රාදේශීය සභාව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතින් ස්ථාපනය කර ඇත.1968.01.29 දින එකල ගුවන් විදුලි ප්රවෘත්ති හා පළාත් පාලන උප ඇමති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් විවෘත කර ඇති අප සභාව වර්ග කිලෝමීටර් 318.5 ක වපසරියක පැතිර පවතී.මැතිවරණ කොට්ඨාස 22 කින් හා ග්‍රාම නිලධාරී වසම් 40 කින් සැදුම්ලත් රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සංචාරක ආගමික වශයෙන් අතිශය වැදගත් වන්නා වූ සම්පත් රුසත් දායාද කොටගත් සශීකත්වයෙන් අනූන භූමිභාගයකි.වර්තමානය වන විට 88216 ක ජනගහණයකට සේවා සැපයීම සඳහා ලේකම්තුමිය ඇතුලුව ස්ථීර අනුමත කාර්ය මණ්ඩල සාමාජිකයින් 53 කින් හා සේවා ගිවිසුම් මත කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 කින් යුක්ත රත්නපුර ප්‍රාදේශීය සභාව සභා සීමාව තුළ සිටින සියලුම ජනතාවගේ මූලික පහසුකම් සැලසීමට කැපවී සිටින්නෙමු.
ලේකම්තුමියගේ පණිවිඩය
ගවේෂණාත්මක තොරතුරු තාක්ෂණික දැනුමත් සමඟ ඉදිරියට යන වර්තමානයේ ඒ හා සම්බන්ධව පළාත් පාලන ක්ෂේත්රය තුළ ද විශාල වෙනස්කම් සිදුව පවතී.නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඔබට සේවය කිරීම සඳහා ඇරඹි මෙම වෙබ් අඩවිය තුළින් සේවාලාභී ජනතාවට සේවය සැලසීම අනලස්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම මාගේ ඒකායන බලාපොරොත්තුවයි.
එම්.කේ.පුෂ්පකුමාරි මිය
ලේකම් බලතල හා කාර්ය කර්තවය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී
රත්නපුර ප්‍රාදේශීය සභාව
දැක්ම
"පළාත් පාලනයේ විශිෂ්ටත්වය කරා.."
මෙහෙවර
සභා සිමාව තුළ වාසය කරනු ලබන ජනතාවගේ යහපත වෙනුවෙන් සනීපාරක්ෂක කටයුතු නංවාලීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම, පානීය ජලය ලබා දීම, අධ්‍යාපනික සහ ආගමික කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි.
විශේෂ නිවේදනයයි
රත්නපුර ප්‍රාදේශීය සභාවේ මාර්ග ගැසට් කිරීම
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 24 වන වගන්තිය සමග කියවිය යුතු, සබරගමුව පළාතේ ගරු ආණ්ඩුකාරතුමා විසින් අංක 2316/20 සහ 2022 ජනවාරි මස 24 වන දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති '' සබරගමුව පළාතේ ප්‍රාදේශීය සභා විසින් පවත්වා ගෙන යනු ලබන පාරවල් හා පටු මාවත්වල සැලසුම් පිළියෙල කිරීම හා නාම ලේඛනය දක්වමින් දැන්වීම් පළ කිරිම පිළිබද නියෝග" මාලාවෙන් සබරගමුව පළාතේ ප්‍රාදේශීය සභා වලට පවරා දී ඇති කාර්යය අනුව,මෙහි පහත උපලේඛනයේ ඇතුළත් පාරවල් සහ පටු මාවත් රත්නපුර ප්‍රාදේශීය සභාව සතු වී ඇති පාරවල් සහ පටු මාවත් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු බව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත 9(3) වගන්තිය අනුව ලේකම්ගේ තීරණ අංක 08 යටතේ තීරණය කරනු ලැබ ඇති බව මහජනතාවගේ දැන ගැනීම සදහා මෙයින් ප්‍රසිද්ධ කරනු ලැබේ.
එකී උපලේඛනයේ ඇතුළත් යම් පාරක් හෝ පටු මාවතක් කිසියම් ඉඩමක් හෝ යම් ඉඩමක කොටසකට ඇතුළත් වන බව, ඒ ඉඩමට හිමිකම් කියනු ලබන පාර්ශවයේ මතය වේ නම්. එකී ඉඩමට තමන්ගේ ඇති අයිතිය ඔප්පු කිරිම සදහා මේ නිවේදනයේ දින සිට මාස තුනක කාලයක් ඉකුත් වීමට පෙර නිසි අධිකරණයේ නඩුවක් පැවරීමට ක්‍රියා කළ යුතු බවත්, මෙයින් නිවේදනය කරනු ලැබේ.
තවදුරටත් එසේම, එකී මාස තුනක කාලය අවසන් වීමට පෙර එවැනි නඩුවක් පවරා නැති එකී උපලේඛනයේ ඇතුලත් සෑම පාරක්ම සහ පටු මාවතක්ම රත්නපුර ප්‍රාදේශීය සභාව සතු කරනු ලැබ ඇති පාරක් හෝ පටු මාවතක් ලෙස සලකුණු ලබන බව වැඩි දුරටත් නිවේදනය කරනු ලැබේ.
2024.11.11 දින ,
රත්නපුර ප්‍රාදේශීය සභාවේදීය.
එම්.කේ.පුෂ්පකුමාරි,
ලේකම් හා බලතල,
කාර්ය කර්තව්‍ය කිරීමේ නිළධාරී
අදාල ගැසට් පත්‍රය මෙතැනින් බාගත කර ගන්න