රත්නපුර ප්‍රාදේශීය සභාවේ සංවර්ධන අංශය

මෙහෙවර
“රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන කටයුතු මාර්ග, බෝක්කු , ඇතුළු යටිතල පහසුකම් ජනතා සුබසිද්ධිය සඳහා සංවර්ධනය කිරීම.“

මේ යටතේ ,
පුනරාවර්ධන හා ප්‍රාග්ධන යන ක්ෂේත්‍රයන් දෙක පදනම් කරගනිමින් සංවර්ධන කටයුතු සිදුකරනු ලැබේ.එහිදී මහජන ඉල්ලීම් පදනම් කරගනිමින් අවශ්‍යතා ප්‍රමුඛතාගත කර අවශ්‍ය ව්‍යාපෘතින් ක්‍රියාවට නන්වනු ලැබේ .
ගරු සභාපති , ලේකම් හා කාර්මික නිළධාරීගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා කාර්මික නිලධාරී විසින් ඇස්තමේන්තු සකස් කරනු ලබයි.
එම ඇස්තමේන්තු මහ සභාවට ඉදිරිපත් කර සභා අනුමැතිය යටතේ සභා කර්මාන්ත වශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ.
මීට අමතරව ,
පලාත් සභා හා මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත බල ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදුකරනු ලැබේ.
වීදිපහන් සවිකිරීම.
රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුළ වීදි පහන් සවි කල යුතු ස්ථාන ගරු මන්ත්‍රීවරුන් හා මහජන යෝජනා වශයෙන් ලබාගෙන කාර්මික නිලධාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ සවිකිරීම් සිද්කරනු ලැබේ.
මීට අමතරව අප සංවර්ධන අංශය මඟින් පහත රාජකාරී කටයුතු ද ඉටුකරනු ලබයි.

  • වීථිරේඛා සහතික නිකුත් කිරීම.
  • ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම.
  • පිඹුරුපත් අනුමත කිරීම.

ගොඩනැගිලි සැලසුමක්/ ඉඩම් අනුබෙදුමක් අනුමත කිරීම සඳහා අවශ්‍ය ලේඛන :
01. අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර තිබිය යුතුය.
02. ඔප්පුවේ හා පිඹුරුපතේ මුල් පිටපත් හා ඡායා පිටපතක්
( ඔප්පුව 2020.01.01 දිනෙන් පසුව ලියාපදිංචි කල ඔප්පුවක් නම් පළාත් ආදායම් දෙපාර්තුමේන්තුවෙන් සහතික කර නිල මුද්‍රාව තබා තිබීම අනිවාර්ය්‍ය වේ.)
       I. ඔප්පුව හා පිඹුරුපත යම් බැංකුවක ණය මුදලක් ලබා ගැනීම සඳහා රඳවාලෙන ඇති අවස්ථාවක බැංකුවේ කළමණාකරු විසින් සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කල යුතුය.
03. ගොඩනැගිලි සැලසුමට අදාළව , ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ( NBRO )මඟින් නිකුත් කල වාර්තාව
04. අනුමැතිය සදහා ඉදිරිපත් කරන ඉඩම් සැලැස්මක් , ඉඩම් අනුබෙදුම් සැලැස්මක් සම්බන්ධයෙන් මෙහි පහත සදහන් කොන්දේසි සැලකිල්ලට ගෙන එය සකස් කල යුතුය.


1) ගොඩනැගිලි කිසිවක් පවතී නම් ඒවායේ පිහිටීම පරිමාණයට අනුව දැක්විය යුතුය.
2) අනුබෙදුමක් වන සෑම ඉඩමකට අදාළව 1:1000 පරිමාණයටත් , අනුබෙදුමක් නොවන ඉඩමකට අදාළ අවස්ථාවක 1:1000 ට හෝ 1: 2000 පරිමාණයටත් අඳින ලද සැලැස්මක් විය යුතුය.
3) සැලැස්මේ පරිමාණය , උතුරු දිශාව සහ යාබද ඉඩම් කැබලිවල හෝ ගොඩනැගිලිවල වරිපනම් අංක තිබේ නම් එම අංක පැහැදිලිව
4) ඉඩමට ප්‍රවිශ්ඨ වන මාර්ග හා ඒවායේ පළල සදහන් කර තිබිය යුතුය.
5) පවත්නා හා යෝජිත කාණු සහ ජල ප්‍රවාහ ජලය බැසයෑමේ දිශාව සමඟ දැකිවිය යුතුය.
6) ස්වාභාවික ජලය හෝ වැසි ජලය ක්‍රමානුකූලව බැස යන ආකාරය දැක්වෙන කාණු පද්ධතියක් හා එම කාණු පද්ධතිය කිසියම් පොදු කාණුවකට හෝ වෙනත් ජල ප්‍රවාහයක් හා සම්බන්ධ වන අයුරු සැලැස්මෙහි දැක්විය යුතු අතර පවත්නා ජල කාණුවල මට්ටම් ප්‍රමාණවත් නොවන්නේ නම් සකස් කල යුතු විකල්ප කාණුවල පිහිටීම සැලැස්මෙහි දක්වා තිබිය යුතුය.
7) ඉඩමේ බෑවුම අංශක 10 ක් හෝ ඊට වඩා වැඩිවන අවස්ථාවක අදාළ ඉඩමේ උස මට්ටම් සමෝච්ච රේඛා ස්ථානීය මට්ටම් සහ වීථීයේ මට්ටම් සැලැස්මේ දැක්විය යුතුය.
8) ඉදිරිපත් කරන සැලැස්මේ මායිම් කළු වර්ණයෙන් සලකුණු කර තිබිය යුතුය.
9) සියලුම වීථිරේඛා , ගොඩනැගිලි රේඛා, සහ වෙනත් මාර්ග රක්ෂිත හෝ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති සංවර්ධන සැලැස්මක හෝ නෛතික අධිකාරිත්වයක් විසින් නියම කර ඇති රක්ෂිතයක් හෝ මායිමක් ඇත්නම් එය සැලැස්මේ සඳහන් කර තිබිය යුතුය.
10) පවත්නා ජල මාර්ග , මනු වළවල් , වැටවල් හෝ මායිම්, රැඳවුම් බැමි, විදුලි සහ දුරකථන රැහැන් මාර්ග සැලැස්මේ පෙන්නුම් කර තිබිය යුතුය.
11) හෙක්ටයාරයක් හෝ ඊට වඩා වැඩි ඉඩමක් අනුබෙදුම් කරනු ලබන විටෙක එහි එක් බිම් කොටසක භූමි ප්‍රමාණය පර්චස් 40 කට අඩුවන පරිදි හා ඉඩම් කොටස් 10 කට වඩා වැඩි ප්‍රමාණයකින් අනුබෙදුම් වන විටෙක දී ඉඩමේ අභ්‍යන්තර මාර්ග සඳහා අදාළ වන භූමි ප්‍රමාණය හැර ඉතිරි බිමි ප්‍රමාණයෙන් 10% ක භූමි ප්‍රමාණයක් වෙන් කර එය සැලැස්මේ පොදු පහසුකම් සඳහා වන භූමි ප්‍රමාණයන් වශයෙන් සටහන් කර තිබිය යුතුය.
12) අනුපෙදුම් සැලැස්මක් වන විටෙකදී ඒ සියලු අභ්‍යන්තර මාර්ග නිවාස හා නගර සංවර්ධන ආඥා පනතේ විධිවිධානයන්ට අනුව පිහිටුවන පරිදි සැලැස්මේ නිරූපිත විය යුතුය.
13) සැලසුම් අනුමැතියේදී අදාළ වන විස්තර සටහන් කිරීම සඳහා සැලැස්මේ ඉදිරි පිටුවේ සෙන්ටිමීටර් 7.5×5.5 ක ඉඩ ප්‍රමාණයක් වෙන් කර තිබිය යුතුය.
14) සැලැස්මට ඇතුලත් භූමි ප්‍රමාණයට ඇතුළත්ව හෝ ආසන්නව විදුලි රැහැන් සම්බන්ධතා වෙනුවෙන් වූ විදුලි කණු පිහිටා ඇති අවස්ථාවක ඊට අදාළ වන පිහිටීම සම්බන්ධයෙන් සැලැස්මේ නිරූපනය කර තිබිය යුතුය.


05. නිවැරදි පරිමාණයට අදින ලද ගොඩනැගිලි සැලසුම් පිටපත් 03 ක් අනිවාර්යය වේ.( මෙම පිටපත් සියල්ලෙහිම නිර්මාණ ශිල්පියා අත්සන් කර නිල මුඳාව තැබීම අනිවාර්යය වේ.
06. සෑම මසකම තෙවන සතියෙහි සැලසුම් කමිටුව පවත්වන බැවින් ඊට පෙර ඉහත සදහන් සියලු ලේඛන භාර දිය යුතුය.
07. අනුමත කිරීමට අදාල ගාස්තු ගිණුම් අංශයට ගෙවීම් කර අදාළ රිසිට්පත ඉදිරිපත් කර අනුමත කල ගොඩනැගිලි සැලසුම ලබාගත හැකිය.

පිඹුරුපත් අනුමැතිය සඳහා අවශ්‍ය ලේඛන
01.ඔප්පුවේ හා පිඹුරුපතේ මුල් පිටපත් හා ඡායා පිටපතක්
- ඔප්පුව 2020-01-01 දිනෙන් පසුව ලියාපදිංචි කල ඔප්පුවක් නම් පළාත් ආදායම් දෙපාර්තුමේන්තුවෙන් සහතික කර නිල මුද්‍රාව තබා තිබීම අනිවාර්ය්‍ය වේ.
- ඔප්පුව හා පිඹුරුපත යම් බැංකුවක ණය මුදලක් ලබා ගැනීම සඳහා රඳවාගෙන ඇති අවස්ථාවක බැංකුවේ කළමණාකරු විසින් සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කල යුතුය.
02. පිඹුරුපතට අදාළව , ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ( NBRO )මඟින් නිකුත් කල වාර්තාව
03. අනුමත කිරීමට අදාල ගාස්තු ගිණුම් අංශයට ගෙවීම් කර අදාළ රිසිට්පත ඉදිරිපත් කර අනුමත කල පිඹුරුපත ලබාගත හැකිය.

වීථිරේඛා සහතිකයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන
01. ඔප්පුවේ හා පිඹුරුපතේ මුල් පිටපත් හා ඡායා පිටපතක්
- ඔප්පුව 2020.01.01 දිනෙන් පසුව ලියාපදිංචි කල ඔප්පුවක් නම් පළාත් ආදායම් දෙපාර්තුමේන්තුවෙන් සහතික කර නිල මුද්‍රාව තබා තිබීම අනිවාර්ය්‍ය වේ.
- ඔප්පුව හා පිඹුරුපත යම් බැංකුවක ණය මුදලක් ලබා ගැනීම සඳහා රඳවාගෙන ඇති අවස්ථාවක බැංකුවේ කළමණාකරු විසින් සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කල යුතුය.
02. ඉඩමේ අයිතිය වීථිරේඛාව ලබාගන්නා පුද්ගලයාට හිමිනොවේ නම් අයිතිකරු විසින් කැමැත්ත ප්‍රකාශ කරන ලිපිය සාමදාන විනිශ්චයකාරවරයෙක් විසින් සහතික කර තිබිය යුතුය.
03. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය පෙරටු කාර්යාලය වෙත භාර දිය යුතුය.
04. අනුමත කිරීමට අදාල ගාස්තු ගිණුම් අංශයට ගෙවීම් කර අදාළ රිසිට්පත ඉදිරිපත් කර අනුමත කල වීථිරේඛා සහතිකය ලබාගත හැකිය.