රත්නපුර ප්‍රාදේශීය සභාවේ පරිසර හා සෞඛ්‍ය අංශය
නිළධාරි මණ්ඩලය
• මහජන සෞඛ්‍ය පරීක්ෂක
• සංවර්ධන නිළධාරි
• කළමණාකරක සේවා නිළධාරි
• සෞඛ්‍ය කම්කරුවන්
අප අංශයෙන් සිදු කරන්නා වු සේවාවන්
1. ආහාර සුරත්ෂිතාවය හා පරික්ෂාව
2. රෝග වාහක පාලනය
3. පාරිසරික බලපත්‍ර ලබා දීම
4. නොදිරන කසළ කළමනාකරණය
5. ජල සාම්පල් පරික්ෂාව
01. ආහාර සුරක්ෂිතතාවය හා පරික්ෂාව
නිෂ්පාදිත ආහාර ද්‍රව්‍ය අලෙවි සැලක ආහාර වල පිරිසිදු බව හා සෞඛ්‍ය ආරක්ෂිත බව පිළිබදව තත්ත්ව පරීක්ෂාව සිදු කෙරේ. මෙමගින් පහත අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.
1. සෞඛ්යාරක්ෂිත ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදිම සදහා ආහාර පරිහරණය කරන්නන් හා ආයතන හිමියන් සක්‍රිය දැනුවත් කිරීම.
2. ආහාර වල සෞඛ්යාරක්ෂිත බව වැඩි දියුණු කිරිම .
3. ආහාර වල ගුණාත්මක බව හා සෞඛ්යාරක්ෂිත බව සහතික කිරීම හා එය පවත්වාගෙන යාම.
ආහාර පරිහරණ ආයතන පරික්ෂාවෙන් අනතුරුව ඒවා පහත පරිදි වර්ගීකරණයන් සිදු කරනු ලබයි.මෙම පරික්ෂාව පිළිබදව විස්තර අප කාර්යාලයෙන් ලබා ගත හැක.
01 ලකුණු 75-100% A ශ්‍රේණිය (හොදයි) Green
02 ලකුණු 50-74 % B ශ්‍රේණිය (සතුටුදායකයි) Yellow
03 ලකුණු 25-49 % C ශ්‍රේණිය (අසතුටුදායකයි) Orange
04 ලකුණු 0 -24 % D ශ්‍රේණිය (ඉතා අසතුටුදායකයි) Red
01 ආහාර කර්මාන්ත. (කේතය FF)
මනුෂ්‍ය පරිභෝජනය සදහා කිසියම් ආහාරයක් හෝ පානයක් අර්ධ වශයෙන් හෝ පුර්ණ වශයෙන් නිෂ්පාදනය කරන,පරීක්ෂණය කරන හෝ ඇසිරිම කරනු ලබන ස්ථානයක් අදහස් කරනු ලබන අතර ඊට බේකරි සහ ඇඹරුම් ක්‍රියාවලිය පමණක් සිදු කරන ඇඹරුම්හල් අයත් නොවේ.
02 හෝටල් සහ රෙස්ටුරන්ට්.(කේතය-HR)
මානුෂ පරිභෝජනය සදහා ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක්වත් සකස් කර පිළිගන්වනු ලබන ස්ථානයක් අදහස් කෙරේ.
03 බේකරිය (කේතය BK )
පාන් සහ තිරිඟු පිටි හා වෙනත් පිටි ආශ්රිත ආහාර නිෂ්පාදනය කරන ස්ථාන අදහස් වේ.
04 තේ/සිසිල් පැන් ශාලා (T&S)
ප්‍රධාන ආහාර වේලක් නොවන ආහාර පිළිගන්වනු ලබන ස්ථානයක් අදහක් වේ.
05 සිල්ලර වෙළඳසැල (කේතය GS)
ආහාර පිළියෙල කරන හෝ සකස් කිරිමේ ක්‍රියාවලියකින් තොරව,සකස් කළ ආහාර හෝ ආහාර අමුද්‍රව්‍ය සිල්ලරට අලෙවි කරන ස්ථාන අදහස් වේ.
06 වෙනත්(කේතය OT)
ඉහත කාණ්ඩ හයට අයත් නොවන සෙසු සියළු ආහාර පරිහරණ ආයතන මේ කාණ්ඩයට අයත් වේ.
එමෙන් ම මෙම පරීක්ෂණය සිදු කිරිමෙන් පසුව ආහාර පරිහරණ ආයතන සඳහා ශ්‍රේණි ලබා දිමක් සිදු කෙරේ.
02. රෝග වාහක පාලනය
• මදුරුවන්, මැස්සන් හා මීයන් යන සතුන් වර්ධනය පාලනය කිරීම හා වර්ධනය මෙන්ම රෝගාබාධ පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම හා බෝවන රෝග පිළිබඳ සොයා බලා සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම වැනි ප්‍රධාන කාර්ය්ය වේ.මේ යටතේ,
ඩෙංගු රෝගය පාලනය කිරීම
ඩෙංගු රෝග පාලනය සදහා විවිධ වු ක්‍රියාමාර්ගයන් රෝග වාහක පාලනය තුළින් සිදු කෙරේ.මෙම රෝගය වැළැක්වීම සදහා රත්නපුර ප්‍රාදේශීය සභාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා ඒකාබද්ධව විවිධ වැඩසටහන් ප්‍රජා සහයෝගය ඇතිව සිදු කරනු ලබයි. මෙහිදි ප්‍රධාන වශයෙන් නිවාස පරික්ෂාව සිදු කරන අතර එහිදි මදුරුවන් බෝවන ස්ථාන ඇති නිවාස සදහා නිතීමය ක්‍රියා මාර්ගයන් ගනු ලබයි.
තවද ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි නොදිරන ද්‍රව්‍ය එක් කිරිමේ වැඩ සටහනක් හා ධූමායන වැඩසටහන් ක්‍රියාත්මක වේ. මේ සදහා බන්ධන වාහන සහ කම්කරුවන් සැපයීම රත්නපුර ප්‍රාදේශීය සභාව මගින් සිදු කරනු ලබයි.
03 පරිසර බලපත්‍ර ලබා දීම
ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ පවතින්නාවු පහත සඳහන් කාණ්ඩයන්ට අයත් කර්මාන්ත ශාලා වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරන්නාවු කොන්දේසි මත සභාවෙන් පාරිසරික බලපත්‍රයක් ලබා ගත යුතු ය.
පරිසර බලපත්‍ර නිකුත් කරනු ලබන කර්මාන්ත
1. සේවක සංඛ්‍යාව 10ක් හෝ ඊට වැඩි පිරිසක් සේවයේ නිකුත්ව සිටින ඉටිපන්දම් නිශ්පාදන කර්මාන්ත.
2. සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නිකුත්ව සිටින බතික් කර්මාන්ත.
3. සේවක සංඛ්‍යාව 5 ට අඩු පිරිසක් සේවයේ නිකුත්ව සිටින වාණිජ මට්ටමේ රෙදි සෝදන ස්ථාන(ලොන්ඩ්‍රි)
4. රෙදි වියන යන්ත්‍ර / මැෂින් 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත අත් යන්ත්‍ර පෙහෙකම්හල් හෝ ගෙතීමේ හෝ එම්බ්රෝයිඩර් කිරීමේ කර්මාන්ත.
5. දිනකට ලීටර් 200 කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ පොල් තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
6. පොල් තෙල් සහ ආයුර්වේද තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත හැර දිනකට ලීටර් 10කට අඩු නිශ්පාදන ධාර්තාවක් සහිත වාණිජ මට්ටමේ ශාක තෙල් නිස්සාරණය කිරීමේ කර්මාන්ත.
7. දිනකට ලීටර් 100කට අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිත මද්‍යසාරමය නොවන බීම වර්ග නිෂ්පාදනය කිරීමේ හෝ බෝතල්ගත කිරීමේ කර්මාන්ත.
8. දිනකට කිලෝග්‍රෑම් 500 ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් සහිත වියළි සැකසුම් ක්‍රියාවලි සහිත වී මෝල්.
9. මසකට කිලෝග්‍රෑම් 1000 කට අඩු නිශ්පාදන ධාරිතාවක් සහිත ඇඹරුම්හල්.
10. සේවක සංඛ්‍යාව 10 හෝ ඊට වැඩි සහ 25 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දුම්කොළ වියළීමේ කර්මාන්ත හෝ දුම්වැටි හෝ දුම්කොළ ආශ්රිත වෙනත් නිෂ්පාදන කර්මාන්ත.
11. එක් තොගයකට කිලෝග්‍රෑම් 250 හෝ ඊට වැඩි යෙදවුම් ධාරිතාවක් සහිත සල්ෆර් දුම් ගැසීම සහිත කුරුඳු දුම් ගැසීමේ කර්මාන්ත.
12. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාරයට ගන්නා ලුණු ඇසුරුම් කිරීමේ සහ සැකසුම් කිරීමේ කර්මාන්ත.
13. සේවක සංඛ්‍යාව 5 ට වැඩි පිරිසක් සේවයේ නියුක්තව සිටින වාණජමය තේ මිශ්‍ර කිරීමේ/ මුහුවම් කිරීමේ කර්මාන්ත.
14. සේවක සංඛ්‍යාව 5 හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර නිශ්පාදනය කිරීමේ හෝ සකස් කිරීමේ කර්මාන්ත.
15. දිනකට පිටි කිලෝග්‍රෑම් 250 ට අඩු ප්‍රමාණයක යෙදවුම් ධාරිතාවක් සහිත වාණිජ මට්ටමේ බේකරී හා රසකැවිලි නිශ්පාදන කර්මාන්ත.
16. ඕනෑම අවස්ථාවක වැඩුණු පක්ෂින් 100 හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින කුකුළු ගණයේ පක්ෂි ගොවිපලවල්.
17. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 05 ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු සංඛ්‍යාවක් සිටින ඌරු හෝ ගව ගොවිපලවල්.
18. ඕනෑම අවස්ථාවක වැඩුණු සතුන් 25 ක් ඊට වැඩි සහ 50 ට අඩු සංඛ්‍යාවක් සිටින එළු ගොවිපලවල්.
19. වැඩුණු සතුන් මුළු එකතුව 100ක් හෝ ඊට වැඩි සහ 500 ට අඩු සංඛ්‍යාවක් සිටින මිශ්‍ර ගොවිපලවල්.
* මිශ්‍ර ගොවිපලවල් සදහා අනුපාතය = පක්ෂින් සංඛ්‍යාව +[50x(ඌරන් සංඛ්‍යාව +ගවයන් සංඛ්‍යාව ) +10x(එළුවන් සංඛ්‍යාව )]
20. ගබඩා ධාරිතාව ඝන මීටර් 100 ක් හෝ ඊට වැඩි පළතුරු හෝ වැඩි එළවළු හෝ මාංශ හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන.
21. කොන්ක්‍රීට් පෙරසවි කර්මාන්ත.
22. යන්ත්‍රානුසාරයෙන් සිමෙන්ති බ්ලොක් ගල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත.
23. දිනකට නිශ්පාදන ධාරිතාවය මෙට්‍රික් ටොන් 20 ට අඩු ප්‍රමාණයක් සහිත හුණුගල් පොරණු.
24. සේවක සංඛ්‍යාව 5 කට වැඩි ප්‍රමාණයක් සේවයේ නියුක්තව සිටින "ප්ලාස්ටර් ඔෆ් පැරිස්" අමුද්‍රව්‍ය වශයෙන් යොදාගන්නා ඕනෑම කර්මාන්තයක්.
25. බෙලිකටු කැබලි කිරීමේ / පතුරු කිරීමේ කර්මාන්ත.
26. උළු හා ගඩොල් පෝරණු.
27. වීදුරු ද්‍රව කිරීමේ ක්‍රියාවලිය රහිතව වීදුරු කිරීමේ කර්මාන්ත.
28. කළු ගල් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්ත.
29. පුපුරණ ද්‍රව්‍ය එක් බෝර වලක් බැගින් පුපුරවමින් සිදු කරනු ලබන ශිල්පීය කැණීම් කටයුතු.
30. දිනකට ඝන මීටර් 25 ට අඩු ඉරුම් ධාරිතාවක් සහිත ලී මෝල් හෝ සේවක සංඛ්‍යාව 05 හෝ ඊට වැඩි සහ 10 කට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින දැව ආශ්රිත කර්මාන්ත.
31. දැව පදම් කිරීම සඳහා බෝරෝන් පිරියම් ක්‍රමය භාවිතා කරන කර්මාන්ත.
32. බහු කාර්ය වඩු කාර්මික යන්ත්‍ර භාවිතා කරන වඩු කර්මාන්ත.
33. සේවක සංඛ්‍යාව 05ක් හෝ ඊට වැඩි සහ 10 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින නේවාසික පහසුකම් රහිත හොටල් හෝ අවන්හල් හෝ උත්සව ශාලා හෝ සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 20 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ආහාර පිළියෙල කිරීමේ ස්ථාන හෝ ආහාර සැපයීමේ සේවා.
34. පදිංචි සංඛයාව දිනකට 25 ක් හෝ ඊට වැඩි සහ 100 ට අඩු පුද්ගලයන් ප්‍රමාණයක් සිටින නේවාසිකාගාර හෝ එවැනි ලැගුම්හල්.
35. විසිරි පින්තාරු කිරීම් හෝ වාහන වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කිරිම්, නඩත්තු කිරීම් හෝ සවි කිරීම් සිදු නොකරන වාහන අලුත්වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ කටයුතු සිදු කරන ගරාජ්.
36. වාහන සේවා සිදු නොකරන බහාලුම් (කන්ටේනර්) පර්යන්ත.
37. ඊයම් උණු කිරීම ඇතුළත් නොවන මුද්රණනාල සහ අකුරු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර.
38. මාතෘ ශරීර කල් තබා ගැනීමට සකස් කිරීම සහිත මල් ශාලා.
39. මෙම උපලේඛනයේ "ඈ" කොටසේ ඇතුළත් නොවන එක් වැඩ මුරයකට සේවක සංඛ්‍යාව 10 ක් හෝ ඊට වැඩි සහ 50 ට අඩු පිරිසක් සේවයේ නියුක්තව සිටින ඕනෑම ක්‍රියාකාරකමක් / කර්මාන්තයක්.
පරිසර ආරක්ෂක බලපත්‍රය ලබා ගැනීම සඳහා පහත ලේඛන රත්නපුර ප්‍රාදේශිය සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය.
• නිසිලෙස සම්පූර්ණ කරන ලද අයඳුම්පත
• ව්‍යාපාර නාම ලියාපදිංචි සහතික පිටපත් 01
• අප ආයතනය මගින් එම වර්ෂයට ලබා ගත් වෙළද බලපත්‍ර පිටපත් 01
• අදාල ගොඩනැගිල්ල පිළිබද අනුකුලතා සහතික පිටපත් 01 (ගොඩනැගිල්ලේ අනුමත සැලැස්ම)
• භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ කැනීම් බලපත්‍ර පිටපත් 01
• ස්ථානයට ලගා විය හැකි මාර්ග විස්තරය
• ඉඩමෙහි මිනින්දෝරු සැලැස්ම(පිඹුර)
බලපත්‍රය ලබා දෙන්නාවු ක්‍රියා පටිපාටිය
• අදාළ නිළධාරින් ලවා ස්ථානීය පරික්ෂාව සිදු කිරීම
• තාක්ෂණික ඇගයීම් කමිටුවට ඉදිරිපත් කිරීම
• කමිටුව මගින් අනුමැතිය ලබා ගැනීම
• බලපත්‍රය නිකුත් කිරීම
බලපත්‍රය නිකුත් කිරීම සඳහා පහත පරිදි ගාස්තු අය කරනු ලබයි.
පරීක්ෂණ ගාස්තු රු 3000 සිට ආයෝජනයට ගලපමින් හා රජයේ අනුමත බදු
බලපත්‍ර ගාස්තු රු 4500 හා රජයේ අනුමත බදු
04. ජල සාම්පල් පරික්ෂාව
සභාබල ප්‍රදේශය තුල පවතින ජල මුලාශ්‍ර වල ජලය මහජන පරිභෝජනයට සුදුසුද යන්න පරික්ෂා කිරීම මෙමගින් සිදුකෙරේ. පුද්ගලිකව ජල සාම්පලයක් පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඒ සදහා අයදුම් කිරීම තුලින් සිදු කර ගත හැකි අතර ඒ වෙනුවෙන් රු.2500 ක් ගාස්තුවක් අය කෙරේ.