රත්නපුර ප්‍රාදේශීය සභාව
  • Home
  • අපගේ සේවා
    • ආදායම් අංශය
    • පරිසර හා සෞඛ්‍ය අංශය
    • සංවර්ධන අංශය
    • නිදහස් ආයුර්වේදය
    • මහජන පුස්තකාල
  • සභා තොරතුරු
    • සිතියම්
    • සංවිධාන සැලැස්ම
    • සභික මණ්ඩලය
  • ලේඛණ
    • පුරවැසි ප්‍රඥාප්තිය
    • සේවා සඳහා අයදුම්පත්
    • සභා වාර්තා
    • අයවැය ලේඛණ
    • මුල්‍ය ප්‍රකාශන
    • පොදු සංඛ්‍යාලේඛන
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • වෙන්දේසි දැන්වීම්
  • සංචාරක ස්ථාන
    • පුජනිය ස්ථාන
    • සංචාරක ස්ථාන
  • යෝජනා සහ පැමිණිලි

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය :
ප්‍රධාන කාර්යාලය - නවනගරය
විද්‍යාල මාවත,
නවනගරය,
රත්නපුර.

පොදු දුරකථන අංක :
ප්‍රධාන කාර්යාලය
045-2220098
045-2233400

උප කාර්යාලය - ගිලීමලේ
045-2233400
045-3459285

උප කාර්යාලය - ගල්ලෑල්ල
045-2233400
045-2248175

සභාපති
077-1167805

ලේකම්
070-2543243

නිල විද්‍යුත් ලිපිනය :

ratnapuraps@gmail.com

පරිසර හිතකාමී ලෙස විද්‍යාත්මකව කසල බැහැර කිරීම

පිළිබද විස්තර මෙතැනින් ලබා ගන්න

 

 

රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඔබ සීටීනම් ඔබට අවශ්‍ය පැමිණිලි හා දුක්ගැනවිලි අප වෙත
මෙතැනින් ඉදිරිපත් කරන්න

GovPay මගින් ගෙවන්න

RathnapurPSgocPay

  1. You are here:  
  2. Home

රත්නපුර ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු


RathnapuraPsLogo

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සිරිපා පහසින් පහස ලද රත්නපුර ප්‍රාදේශීය සභාව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතින් ස්ථාපනය කර ඇත.1968.01.29 දින එකල ගුවන් විදුලි ප්‍රවෘත්ති හා පළාත් පාලන උප ඇමති ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් විවෘත කර ඇති අප සභාව වර්ග කිලෝමීටර් 318.5 ක වපසරියක පැතිර පවතී.මැතිවරණ කොට්ඨාස 22 කින් හා ග්‍රාම නිලධාරී වසම් 40 කින් සැදුම්ලත් රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සංචාරක ආගමික වශයෙන් අතිශය වැදගත් වන්නා වූ සම්පත් රුසත් දායාද කොටගත් සශීකත්වයෙන් අනූන භූමිභාගයකි.වර්තමානය වන විට 88216 ක ජනගහණයකට සේවා සැපයීම සඳහා ලේකම්තුමිය ඇතුලුව ස්ථීර අනුමත කාර්ය මණ්ඩල සාමාජිකයින් 53 කින් හා සේවා ගිවිසුම් මත කාර්ය මණ්ඩල සාමාජිකයින් 09 කින් යුක්ත රත්නපුර ප්‍රාදේශීය සභාව සභා සීමාව තුළ සිටින සියලුම ජනතාවගේ මූලික පහසුකම් සැලසීමට කැපවී සිටින්නෙමු.

 ගරු සභාපතිතුමාගේ ප්‍රකාශය

rathapssabapatiරත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ඔබ සියලු දෙනාගේ යහපත හා අභිවෘද්ධිය සැපයීම සඳහා මා ඇතුළු මාගේ සහෝදර මන්ත්‍රී මණ්ඩලයත්, ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත් කැපවී සිටින්නෙමු. ඔබ සැමට අවශ්‍ය සේවා සැපයීම සඳහා මෙන්ම පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම මාගේ බලාපොරොත්තුව වන අතර , තාක්ෂණයත් සමඟ අත්වැල් බැද ගනිමින් ඉදිරියට යන මේ සියවසේ ඔබ සමඟ ගනුදෙනු කිරීමේදී මෙම වෙබ් අඩවියෙන් ඔබ සැමට යහපතක් සැපයීම මාගේ ඒකායන පැතුමයි.

එච්.එල්.එන්. මුණසිංහ ,
සභාපති,
රත්නපුර ප්‍රාදේශීය සභාව

 ලේකම්තුමියගේ පණිවිඩය

RathnaSec

ගවේෂණාත්මක තොරතුරු තාක්ෂණික දැනුමත් සමඟ ඉදිරියට යන වර්තමානයේ ඒ හා සම්බන්ධව පළාත් පාලන ක්ෂේත්‍රය තුළ ද විශාල වෙනස්කම් සිදුව පවතී.නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඔබට සේවය කිරීම සඳහා ඇරඹි මෙම වෙබ් අඩවිය තුළින් සේවාලාභී ජනතාවට සේවය සැලසීම අනලස්ව හා කාර්යක්ෂමව ඉටු කිරීම මාගේ ඒකායන බලාපොරොත්තුවයි.

එම්.කේ.පුෂ්පකුමාරි මිය
ලේකම් 
රත්නපුර ප්‍රාදේශීය සභාව

දැක්ම
"පළාත් පාලනයේ විශිෂ්ටත්වය කරා.."

මෙහෙවර
සභා සිමාව තුළ වාසය කරනු ලබන ජනතාවගේ යහපත වෙනුවෙන් සනීපාරක්ෂක කටයුතු නංවාලීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම, පානීය ජලය ලබා දීම, අධ්‍යාපනික සහ ආගමික කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි.