රත්නපුර ප්‍රාදේශිය සභා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව
රත්නපුර ප්‍රාදේශිය සභා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව, ප්‍රදේශයේ ජනතාවට නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම සිදු කරයි. මෙම ආයුර්වේද ඔසුහල සඳහා මසකට රෝගීන් 700 ක පමණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණේ.
දැක්ම
“සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය ක්‍රම හරහා සමස්ථ යහපැවැත්ම පවත්වා ගැනීම.“
මෙහෙවර
“පුද්ගලාරෝපිත සෞඛ්‍ය සත්කාරය ස්වාභාවික ප්‍රතිකාර ක්‍රම ඒකාබද්ධ කිරීම සහ රෝගීන් සඳහා මනස ශරීරය සහ ආත්මය සමතුලිත කිරීම පෝෂණය කිරීම“
විවෘතව පවතින වේලාව
බදාදා හැර සතියේ දින පෙ.ව - 8.30- ප.ව 3.00
සෙනසුරාදා පෙ.ව 8.00- ප.ව 12.00
බදාදා ගල්ලෑල් උප කාර්යාලීය සායනය පෙ.ව - 8.30 සිට
ප්‍රතිකාර
• සියලුම සන්ධි රෝග( ඔස්ටියෝ ආතරයිටිස් )
• සර්වාංග රෝග
• සන්ධි රෝග
• කැඩුම් බිදුම්
• ස්වාස රෝග
• ස්ත්‍රී රෝග
• ස්නායු රෝග
• අර්ශස්
• දීර්ඝකාලීන හිසරදය
• ගෑස්ට්රයිසිස් හා ආමාශ රෝග
මීට අමතරව බෝ නොවන රෝග සඳහාද අප ආයුර්වේදය මඟින් සේවා සලසයි.
• මයුමේහ රෝග
• අධික තරබාරුව
• අධි රුධිර පීඩනය
• කොලෙස්ට්‍රෝල්
සේවා
• රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම.
• ප්‍රාදේශිය සභා සීමාව තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම.
• ඔසු උයනක් පවත්වාගෙන යාම තුළින් අවශ්‍ය ඖෂධ වර්ග ලබා ගැනීම.
• ඔසු පැන් හා කොළ කැඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම